Thursday, September 19, 2024

General line - 0115112241

අධිපතියෙක් නැතිව මහ බැංකුව අරාජිකයි!




අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයෙන් අවසන් නමුත් ඔහුගේ ධුර කාලය දීර්ග කිරීමක් හෝ නව අධිපතිවරයෙකු පත් කිරීමක් හෝ සිදු කිරීමට රජය මෙතෙක් කටයුතු කර නැහැ. මෙතෙක් එවැනි පත් කිරීමක් පවා සිදුව නැත්තේ කඩිනමින් නව අධිපතිවරයෙකු පත් කරන බවට ජනාධිපතිවරයා පවා ඉකුත්දා බදාදා ප‍්‍රකාශ කර තිබියදීයි.

කෙසේ වෙතත් මහ බැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත් කිරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ශ‍්‍රී ලංකාවට පැමිණි පසු සිදු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමේදී මුදල් මණ්ඩල පනතට අනුව මුදල් අමාත්‍යවරයාගේද නිර්දේශ සැලකිල්ලට ගත යුතුව තිබීම ඊට හේතුවයි. මේ දිනවල ජපානයේ නිල සංචාරයක නිරතව සිටින රවි කරුණානායක මහතා දිවයිනට පැමිණෙන තුරු නව අධිපතිවරයෙකු පත් කිරීම ප‍්‍රමාදවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර පුරවැසි බලය සංවිධානය අද (01) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. ඊට එක් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේ අධිපතිවරයෙකු නොමැතිවිම හේතුවෙන් මහ බැංකුව අරාජික වී ඇති බවයි.

නව අධිපතිවරයෙකු අපේක්ෂා කරන්නේ සීමිත පිරිසක් නොව සමස්ත රටක් විසින් බවයි සරත් විජේසූරිය මහතා මෙහිදී අගමැතිවරයා වෙත අවධාරණය කර සිටියේ.

මෙම මාධ්‍ය හමුවට එක් වූ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියංගොඩ මහතා පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවීම ගැටලූ සහගත බවයි.