Thursday, January 9, 2025

General line - 0115112241

වදිනහෙලයාය කන්ද ගිනි ගනී (PHOTOS)

ජයන්ත වීරසේකර




වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලේවනයාය මාර්ගයේ පිහිටා ඇති වදිනහෙලයාය කදු රක්ෂිතයේ අද (22) උදෑසන සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර පනහකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

වදිනහෙලයාය රක්ෂිතයේ ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂීන් සහ වන සතුන් රැසක් ජීවත් වූ අතර එම සතුන් රැසකටද මින් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගින්න මැඩපැවැත්වීම සඳහා අද උදෑසන වන විටත් කිසිඳු පාර්ශ්වයක් මැදිහත් නොවූ බව ගම්වාසීන් පවසනවා.

සතුන් දඩයම් කිරීමේ අරමුනින් කිසියම් පුද්ගලයකු මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.