පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසු ඒ පිළිබද ඇති වී තිබෙන නව සමාජ කතිකාව සංඝාධිකරණයක් සඳහා වන නීති සම්මත කර ගැනීමට අවස්ථාවක් කර ගතයුතු බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
මේ අතර අපේක්ෂිත පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහා නායක හිමිවරුන් බැහැ දැකීමට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබෙනවා. එහිදී සංඝාධිකරණයක් සදහා වන නීති සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් සමග සාකච්ඡුා කිරීමටයි උන්වහන්සේගේ අපේක්ෂාව වී ඇත්තේ.