හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සමයේ මාලිගාවත්ත ශ්රී බෝධිරාජාරාමා විහාරස්ථානයේ ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළග තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරනය අද (22) නියෝග කළා.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට චෝදනා ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා දැන්වීමෙන් අනතුරුව විත්තිකරුවන් මුදාහැරීමට මහාධිකරණය නියෝග කළා.
කෙසේවෙතත් මෙම නඩුවේ පළමු සහ දෙවන විත්තිකරුවන් වන ශ්රී බෝධිරාජාරාමා විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන්ගල හිමි සහ මාවෙල සුබෝධ හිමියන්ට එරෙහිව මෙම නඩුව ජූලි මස 04 වැනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න නියෝග කළා.