මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට නියමිත පළමු විශේෂ මහාධිකරණය සඳහා අගවිනිසුරු ප්රියසාත් ඩෙප් විසින් විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබෙනවා.
දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පළමු විශේෂ මහාධිකරනයේ විනිසුරුවරුන් ලෙසට අගවිනිසුරුවරයා විසින් පත් කර තිබෙනවා.
මෙම නව අධිකරණයේ නඩු කටයුතු ජූලි මස 15 දා සිට ආරම්භ කිරීමට නියමිතයි.
මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා.
ඒ අනුව අධිකරණය සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා.