මෙරට මාධ්‍ය ආයතනවල වෘත්තිමය භාවය ඉහළ නැංවීම සහ ජාතික අවශ්‍යතාවලදී පොදු මතයක සිට කටයුතු කිරීම ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ප්රමුඛ අරමුණු වන බව එහි නව සභාපති නෙත් එෆ් එම් ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.
ශී‍්‍ර ලංකා විද්්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම සහ සංශෝධන සිදුකර එය සම්මත කර ගැනීමද ඊයේ සිදුවුණා.
සම්පූර්ණ හඬ පටය පහතින් අසන්න.
------------------------------------------------
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නව සභාපති අසංග ජයසූරිය
22-06-2018 17:31
ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නව සභාපතිවරයා ලෙස නෙත් එෆ්. එම්. ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය අද තේරී පත්වුණා.
ඔහු මීට පෙර කටයුතු කළේ එම සංසදයේ උප සභාපතිවරයා ලෙසයි.
වී එෆ්. එම්. අධ්යක්ෂ නිහාල් මායාදුන්නේ විසින් අසංග ජයසූරිය ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සභාපතිධූරයට යෝජනා කළා. එම යෝජනාව ස්ථිර කළේ ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයේ අධ්යක්ෂ ඩිලන් සැමුවෙල් විසින්.
ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නව උප සභාපතිනිය ලෙස ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනි කීර්තිනන්ද පත්වූ අතර උප ලේකම් ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි ෆාරුක් තේරී පත්වුණා.
ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධනයි.