Thursday, January 9, 2025

General line - 0115112241

පාසල් දරුවන්ට 'ටැබ්' ලැබෙන ලකුණු




මෙරට අධ්‍යාපනයේ අනාගතය දැන් තියා හඳුනාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් මේ වන විටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණෙන සෑම දරුවෙකුටම ටැබ් පරිගණකයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී තිබූ බවත් එය හදිසියේ නතර කිරීමට සිදු වුවත් යළිත් වතාවක් තමා එම යෝජනාව පසුගියදා ඉදිරිපත් කළ බවද සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට හැකි වෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙම ක්‍රියාමාර්ගය සමගින් මෙරට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුවෙනු ඇති බවද සඳහන් කළා.  

මේ අතර හය ශ්‍රේණියෙන් ඉහළ සියලූම පාසල්වලට පරිගණක බෙදා හැරීමට තවත් මාස කිහිපයක් ඇතුළත පියවර ගන්නා බවද පැවසුවා.