එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිල ඇදුම්, කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුලතිව් ඔඞ්ඩුසුඩාන් මාර්ගයේදී අද (22) අත්අඩංගුවට ගත්තා.
තී‍්‍රරෝද රථයකින් සැකකරුවන් පැමිණි තිබෙනවා. එහිදී සැකකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර එක් සැකකරුවෙකු පළා ගොස් තිබෙනවා.
පළාගිය සැකකරු හා සඟවා ඇති භාණ්ඩ සොයා ඔඞ්ඩුසුඩාන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් ඔඞ්ඩුසුඩාන් හා නෙඩුන්කේනි රක්ෂිත පුරා මෙහෙයුමක්ද ක්‍රියාත්මක කොට ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර එල්. ටී. ටී. ඊ. ඇඳුම් කට්ටල 02ක්, ක්ලේමෝ බෝම් 01 ක්, එල්. ටී. ටී. ඊ. කොඩි 30 ක් , බෝම්බ පුපුරවන දුරස්ථ පාලක, ටී 56 පතරොම් ඇතුළු ආයුධ තොගයක් වන බවද පොලීසි සඳහන් කළා.
සැකකරුවන් අදාළ භාණ්ඩ හා උපකරණ කුමන හේතුවක් මත ගෙන ආවේද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.