Thursday, January 9, 2025

General line - 0115112241

දින 2ක් අතුරුදහන්ව සිටි තැනැත්තා රෝහලේ - තමා විසින්ම තමා අතුරුදහන් කරගත්තාදැයි පොලිසියට සැකයක්?

ජූඩ් සමන්ත




හලාවත මෝය කටේදී මුහුදට ගසා ගෙන ගොස් අතුරුදහන්වූ බව කියන පුද්ගලයා හමුවීමෙන් පසුව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය 20 වැනිදා අළුයම 3.10 ට පමණ මෙම පුද්ගලයා අතුරුදහන් වූ බව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදහන්වී සිටියදී හමුවී ඇත්තේ හලාවත - අඹකදවිල පදිංචිකරුවෙකු වන මුතුපෝරුතොටගේ ඇන්ටනි ලක්ෂමන් (45) ය.

තවත් ධීවරයෙකු සමග මසුන් මැරීම සදහා බෝට්ටුවකින් මුහුදට යමින් සිටින අතර තුර  ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා හලාවත මෝය කට අසලට ගොස් තිබෙනවා. එතැන් සිට ඔහු අතුරුදහන්වී සිටියා.  ඔහු අත තිබූ විදුලි පන්දම එම ස්ථානයේ තිබී හමුවී තිබුණා.

මුහුදු වෙරළේ සිටියදී මෙම අයව රළපහරකට හසුවී ගසා ගෙන යන්නට ඇති බවට විශ්වාස කර ඔහු සොයා මෙහෙයුමක්ද සිදු කරන ලදිගප්රිදේශයේ ධීවරයින් මෙන්ම නාවුක හමුදාවද ඒ සදහා එක්ව සිටියේයග

22 වැනිදා දහවල් අතුරුදහන්වී සිටි ඔහු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ගත කර ඇති අයගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය පැවසුවා.