Saturday, May 4, 2024

General line - 0115112241

අබාධයක් නිසා රංගන හේරත්ට අද තරගය අහිමිවෙයි

කසුන් කැළුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (23) ආරම්භ වනවා. එ් දිවා-රාතී‍්‍ර තරගයක් ලෙසින් බාබඩෝස් හි කිංග්ස්ටන් ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. 

කොදෙව් දුපත් හි පැවැත්වෙන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයද මෙය වනවා. ලොව පැවැත්වෙන 10 වැනි දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයද මෙයයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන දිවා රාති‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගය මෙය වන අතර ශී‍්‍ර ලංකා පළමු වරට දිවා රාති‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයක් සදහා එක් වූයේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිවයි. එ් ඉකුත් වසරේ ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. එම තරගයෙන් ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. කොදෙව් කණ්ඩායම මේ දක්වා කී‍්‍රඩා කර ඇති දිවා රාති‍්‍ර ටෙස්ට් තරග සංඛ්‍යාව 2ක්. පාකිස්තානය සහ එංගලන්තයට එරෙහිව පැවති එම තරග  දෙකේදී කොදෙව් කණ්ඩායමට පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

ශී‍්‍ර ලංකා - කොදෙව් තරග 3කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි. පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට අද පැවැත්වෙන තරගය අයි සී සී ය විසින් තහනම් කර තිබෙනවා. 

මේ හේතුවෙන් අද ආරම්භ වන ටෙස්ට් තරගයේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුරංග ලක්මාල්. රංගන හේරත්ද ආබාධයක් හේතුවෙන් මෙම තරගයට සහභාගි වන්නේ නැහැ. මෙම තරගය මෙරට වේලාවෙන් රාතී‍්‍ර 11:30ට ආරම්භ වනවා. අද තරගයට නායකත්වය ලබා දෙන සුරංග ලක්මාල් වාර්තා පොත් අතරට එක්වන්නේ 16වන ශී‍්‍ර ලාංකික ටෙස්ට් කි‍්‍රකට් නායකයා ලෙසයි.