අද (24) දිනයේ වැල්ලවත්ත හා කොල්ලූපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙනවා.
උදෑසන 07.00 සිට පස්වරු 03.00 දක්වා එම මාර්ගයේ රථ වාහන ධාවන සීමා වන බවයි පොලීසිය පැවසුවේ.
එම කාල සීමාවේදී එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.
ජාතික ශූරතා පාපැදි තරගාවලිය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.