Friday, April 19, 2024

General line - 0115112241

බදුල්ලේ ගොවීන්ට CBL වෙතින් මී මැසි පෙට්ටි




බදුල්ල දිස්ති‍්‍රක්කයේ මල් ගොවීන්ට සහ කිරි ගොවීන්ට, මී මැසි පෙට්ටි සහ ආම්පන්න බෙදාහැරීම සිලෝන් බිස්කට් සමාගමේ අනුග‍්‍රහයනේ ඉකුත්දා කැප්පෙටිපොළ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා.

සිලෝන් බිස්කට් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අරුණ ලොකුපොතගමගේ මහතා එ් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පැවසූවේ මී පැණි මෙට්‍රික් ටොන් 80ත් 90ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව මෙරටට ආනයනය කරන බවයි. මී මැස්සන්ට රොන් ගැනීම සඳහා ඉතා සුදුසු පුෂ්පද මෙරට ඕනෑ තරම් ඇතැයි පැවසූ ඒ මහතා දේශීයව මී පැණි නිපදවීමෙන් ගොවීන්ට අමතර ආදායමක්ද ලැබිය හැකිබව පැවසුවා.

දේශීය ගොවියකු විසින් නිපදවන ලද මී පැණි නිස්සාරණය සඳහා නිපදවන ලද යන්ත්‍රයක් සිලෝන් බිස්කට් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ දායකත්වයෙන් වැඩිදියුණුකොට ගොවීන්ට ලබාදෙන බවද ලොකුපොතගමගේ මහතා වැඩිදුරටත් පැවසුවා.