Thursday, May 2, 2024

General line - 0115112241

මැලේසියාවෙන් සංචාරකයින්ට අලුත් නියෝගයක් පනවයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මැලේසියාවේ මුස්ලිම් දේවස්ථාන නැරඹීමට පැමිණීම තහනම් කරමින් එරට සංචාරක අමාත්‍යාංශය නව නීති පනවා තිබෙනවා. එයට ආසන්නතම හේතුව වී ඇත්තේ සංචාරකයින් ලෙස පැමිණි විදෙස් තරුණියන් දෙදෙනෙක් ගේ අශෝබන හැසිරීම හේතු කරගෙනය.

ඒ මැලේසියාවේ, බෝර්නියෝ දුපතේ පිහිටි සංවාරක ආකර්ෂණය දිනා ගෙන තිබෙන Kota Kinabalu මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට තාප්පයක් මතට නැගී විදෙස් තරුණියන් දෙදෙනෙක් විසින් නර්තනයක් ඉදිරිපත් කරන අයුරු රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.

මුස්ලිම් භක්තිකයින් බහුතරයක් ජිවත් වන රටක් වන මැලේසියාව සිය ආගමික ස්ථාන සඳහා නැරඹීමට පැමිණෙන සංචාරකයින් හට සුදුසු ඇදුම් පැළදගෙන පැමිණීම අනිවාර්ය කර තිබෙන රටක් වශයෙන් හදුන්වනවා. ඒ සිය ආගමික ස්ථාන වල ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි.

මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට මෙලෙස නර්තනයේ යෙදුනු කාන්තාවන් දෙදෙනා හදුනා ගැනීම සඳහා මේ වන විට මැලේසියානු බලධාරීන් කටයුතු කරමින් සිටින අතර සබාහ් ප්‍රාන්තයේ සංචාරක අමාත්‍යවරයා පොදු ප්‍රවාහන සේවාවන් සඳහා නියෝග කර ඇත්තේ මුස්ලිම් දේවස්ථාන වලට පැමිණීමට  සංචාරකයින් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙසයි.