Friday, January 10, 2025

General line - 0115112241

මාතර කොල්ලයෙන් මතු වූ සුවිශේෂි ගිනි අවිය ගැන සොයයි (PHOTOS)

හේමන්ත කහවලගේ




පොලිස් වෙඩි තැබීමකින් ඉකුත් දා මියගිය කොස්ගොඩ චාමර හෙවත් චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු මාතර නගරයේ ඉකුත්දා සිදු වූ වෙඩි හුවමාරුවට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවෙක්. ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදු වුණා.

පොලිසියට වෙඩි තැබීම සඳහා කොල්ලකරු විසින් යොදාගත් ගිනි අවියද පසුව සොයා ගැණුනු අතර මේ වනවිට අනාවරණ වී ඇත්තේ එය ‘‘මිනි ඌසී’’ වර්ගයේ එකක් බවයි.

සාමාන්‍යයෙන් මිනි ඌසි වර්ගයේ ගිනි අවි භාවිත කරන්නේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්, යුද හමුදා කොමාන්ඩෝවරුන්, විශේෂ බලකායේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

මෙවැනි ගිනි අවියක බර කිලෝග‍්‍රෑම් 07ක්. එහෙත් මාතර කොල්ලකෑමේදී කොල්ලකරුවන් විසින් පොලිසියට වෙඩි තැබූ ගිනි අවිය ඊට වඩා බරින් අඩු වනවා. එහි හැඩය ද වෙනස්කම්වලට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ. නිෂ්පාදිත රටක් ද එහි සඳහන් කර නොමැති බව පොලිස් ආරංචි පැවසුවා.