Thursday, May 2, 2024

General line - 0115112241

යේමන් කැරලිකරුවන්ගෙන් සෞදියට මිසයිල ප්‍රහාරයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යේමන් කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් අගනුවරට එල්ල කළ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බව එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා. මෙම මිසයිල ප්‍රහාරයන් එල්ල වුයේ සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව විසින් යේමනි කැරලිකරුවන්ට එරෙහිව සිය මෙහෙයුම් දියත් කරමින් සිටියදී වීම විශේෂත්වයක්.

වාර්තා වන පරිදි යේමන් කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙන අතර සෞදි ගුවන් හමුදාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එය හදුනාගැනීමෙන් පසු එල්ල කරනු ලැබූ ප්‍රති ප්‍රහාර හේතුවෙන් ඉහළ අහසේදීම සතුරු මිසයිල විනාශ කිරීමට සමත්ව තිබෙනවා.

රියාද් අගනුවර පිහිටි තානාපති කාර්යාල මණ්ඩල නිලධාරින් බහුලව ජිවත් වන ප්‍රදේශයට ඉහලින් මෙම සතුරු මිසයිල විනාශ කිරීමට සෞදි ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකිවී තිබෙනවා. විනාශ වූ මිසයිල සුන්බුන් රියාද් අගනුවර  ස්ථාන කිහිපයකට වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. 

මේ අතර යේමන් කැරලිකරුවන් ගේ මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටින්නේ " යේමනයට එරෙහිව සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් දියත් කර තිබෙන මෙහෙයුම් නවත්වන තෙක් තමන්ගේ බැලැස්ටික් මිසයිල වල හැකියාව ඔවුන්ට දැකගත හැකියි" බවයි.