තමන්ට ජම්පරය ඇන්දවීම සඳහා උත්සහ දැරූ පිරිසක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (26) අනාවරණයක් කළා. ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අද රට පවතින්නේ අමුතු තැනක බවත් තමන්ට ජම්පරය ඇන්දවීමට නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරින්, ඇමතිවරුන් දෙදෙනෙක් සහ ඔවුන්ට ඉහලින් සිටින පුද්ගලයෙක් මේ සඳහා කටයුතු කළ බවත් එයට හේතුව වී ඇත්තේ අගමැතිවරයාට එරෙහිව පසුගියදා ගෙනා විශ්වාසභංග යෝජනාවට සහය පලකිරිම සඳහා තමන්වහන්සේ කටයුතු කළ බවට පවසමින් බවයි මෙහිදී උන්වහන්සේ කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.
බන්ධනාගාරය තුළ තමන් ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහිදී පැහැදිලි කළා.