Saturday, May 4, 2024

General line - 0115112241

ගුවන් පථයක් නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මත ගැටුම්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලන්ඩනයේ පිහිටි හීතෘ ගුවන් තොටුපළ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ වාද විවාද හටගෙන තිබෙනවා. ඒ, එම ගුවන් තොටුපළට නව ගුවන් පථයක් එක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් හේතුවෙන්. 

ලොව දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපළ ලෙස වාර්තා අතරට එක්ව තිබෙන්නේ ලන්ඩනයේ හීතෘ ගුවන් තොටුපළයි. ඉන් සිදුවන ගුවන් ගමන් මෙහෙයුම් දිනෙන් දින ඉහළ යන බැවින් ගුවන් පථ දෙකක් සහිත මෙම ගුවන් තොටුපළට නව ගුවන් පථයක් එක්කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ස්ටර්ලින් පවුම් බිලියන 14ක ඇස්තමේන්තුවකින් යුත් යෝජනාවක් බි‍්‍රතාන්‍ය රජය මගින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

ඊයේ (25) පැවැති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා. එහෙත් ඇතැම් මන්ති‍්‍රවරුන් යෝජනාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇති අතර නව ගුවන් පථයක් ඉදිකරන්නේ නම් ඒ සඳහා වන නීතිමය පසුබිම ද විමසා බැලිය යුතු බවයි ඔවුන් පවසන්නේ.