Friday, September 20, 2024

General line - 0115112241

ගම්මන්පිල අනතුරු අඟවයි




ලබන 28 වැනිදා ආරම්භ කිරීමට නියමිත ජන සටන පාගමන කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පිවිතුරු හෙළ උරුමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද (25) පැවැත්වුණා. එහිදී හෙතෙම මේ බව සඳහන් කළා. පාගමනට බිය වී සමෘද්ධි නිලධාරීන්ගේ නිවාඩු පවා අවලංගු කර ඇති බවත් පැවසුවා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “අපි පොලිස් ස්ථානාධිපතිවරුන්ට මතක් කරනවා උසාවි නියෝග අරගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියලා. මේ පා ගමන මූලික මිනිස් අයිතිවාසිකමක්. පොලිසිය තහනම් නියෝග ගත්තොත් අපි ඒ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කලා කියලා. ඒ නිසා පා ගමනට අත නොතබනු කියලා අපි දැම්මම පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවනවා.” යනුවෙනි.

අග‍්‍රාමාත්‍යවරයා විසින් මීට පෙර කරන ලදැයි කියන ප‍්‍රකාශයටද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)