Friday, September 20, 2024

General line - 0115112241

ජනපති සමග සාකච්ඡාවට මන්ත්‍රීවරු එයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් අතර පැවැත්වෙන සාකච්ඡාවක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙම සාකච්ඡාව ජනාධිපති නිළ නිවසේදී පැවැත්වෙනවා.

එම පරිශයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ ඊට සහභාගීවීම සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේ වනවිටත් පැමිණ ඇති බවයි.