Friday, September 20, 2024

General line - 0115112241

බුදු දහමට හිමිතැන අගරදගුරු පෙන්වයි




බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී තිබිය යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අනාගමික රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

බටහිරින් පැමිණි මානව හිමිකම් නැමැති සංකල්පයට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය යටපත් කිරීමට ඉඩදිය නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේ අස්ගිරි පාර්ශවයේ නව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් අද (25) පැවති උත්සවයකදීයි.