Sunday, December 29, 2024

General line - 0115112241

කළු කොටි සමරන්න එක්වන්නයැයි කිලිනොච්චියේ ජනතාවට ආරාධනා (PHOTOS)

වවුනියාව - මාධව කුලසූරිය




කළුකොඩි සැමරීම සිදුකිරීමට එක්වන ලෙසට ආරාධනා කරමින් කළු කොටි දිනය සම්බන්ධයෙන් කිලිනොච්චිය අක්කරායන්කුලම ජනතාව දැනුවත් කිරීමේ සිතුවමක් අක්කරායන්කුලම මාර්ගයේ අද (05) උදැසන ඇඳ තිබු බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

කිලිනොච්චිය, අක්කරායන්කුලම,  ස්කන්දපුරම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර එල්ටිටිඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් එලෙස ඇද තිබු බවද කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

එල්ටිටිඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ තිබෙනවා.

එල්ටිටිඊ සංවිධානයේ පළමු කළු කොටියා වන වල්ලිපුරම් වසන්තන් නමැත්තා 1987 ජූලි 05 වැනිදා යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදී යුධ හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කොට යුධ හමුදා සාමාජිකයින් 39 දෙනෙකු ජිවිතක්ෂයට පත් කිරීම එල්ටිටිඊ පළමු කළු කොඩි ප්‍රහාරය ලෙස ඔවුන් සිහි කරනු ලැබුවා.

වල්ලිපුරම් වසන්තන් ජිවිතක්ෂයට පත්වු දිනය කළු කොටි දිනය ලෙසට එවකට එල්ටිටිඊ සංවිධානය සමරනු ලැබුවා.

අක්කරායන්කුලම ප්‍රදේශයේ අදාළ සිතුවම සිතුවම්ගත කළේ කවුරුද යන්න සොයා අක්කරායන්කුලම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.