Saturday, May 4, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ 'විපක්ෂනායක ධූරය' ඒකාබද්ධයට ගන්න තියෙන ක්‍රමය හෙළිකරයි

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරයෙකුට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබා දීමට තාක්ෂණික බාධාවක් ඇතැයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

නෙත් නිවුස්  මෙම සොයා බැලීම කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය තමන්ට ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දිනවල දිගින් දිගටම කළ ඉල්ලිම් පාදක කර ගනිමින්.

ඒකාබද්ධ විපක්ෂය යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ති‍්‍රවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වනවිට ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරයෙකුට විපක්ෂ නායකධූරය ලබා දිය නොහැක්කේද ඒ නිසා බවයි ප‍්‍රකාශ කෙරුණේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් පමණක් ඔවුන්ට විපක්ෂ නායකධූරය ලබා දිය හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.