Saturday, September 21, 2024

General line - 0115112241

රථයෙන් විසිවූ නර්තන උපදේශිකාව අධිවේගී මාර්ගයේ දී මරුට (PHOTOS)

අනුරාධ  ප්‍රියදර්ශන




දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ  බද්දේගම  පිවිසුම් හුවමාරුව අතර 70 වන කිලෝමීටර් කණුව අසලදී ඊයේ (09) සවස 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

මාතර සිට කොළඹ බලා එමින් සිටි එම මෝටර් රථය තුල රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර වැසිබර කාලගුණයක් පැවැතිම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී ගොස් තිබෙනවා.

මේ අවස්ථාවේදී මෝටර් රථයේ  සිටි එක් කාන්තාවක් රථයෙන් ඉවතට විසිවී ගොස් තිබූ අතර එහිදී සිදුවූ තුවාල හේතුකොට ගෙන ඇය එම අවස්ථාවේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. 

රියදුරු සහ අනෙක් කාන්තාව ද බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම රිය අනතුරෙන් මියගොස් ඇත්තේ ජාතික තරුණ සේවා සභාවේ මහරගම පුහුණු මධ්‍යස්ථානයේ  නර්තන උපදේශිකාවක් ලෙස සේවය  කළ පාදුක්ක වේරගල පදිංචි නදීෂා පෙරේරා නැමැති හතලිස් හැවිරිදි දෙදරු මවක්. 

අනතුර සිදු වන විට මෝටර් රථය තුළ ගමන් කළ අය ආරක්ෂිත බඳ පටි පැළඳ නොසිටි බව පොලිසිය සඳහන් කරනවා.