Friday, May 3, 2024

General line - 0115112241

වාහන හිමිකරුවන්ගෙන් බදු ගන්න ප්‍රකාශය ගැන යළි පැහැදිළි කිරීමක්

ඩිල්ෂාන් මඩවල




වාහන හිමිකරුවන් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක ඉකුත් දා කළ ප‍්‍රකාශය බොහෝ අය විසින් අර්ථ දක්වා ඇත්තේ වැරදි අන්දමින් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

වාහන හිමි  ඕනෑම අයෙකු අනිවාර්යයෙන් බදු ගෙවිය යුතු බවක් මෙමගින් අදහස් නොකළ බවයි  මේ පිළිබඳ කරුණු දක්වන එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ධර්මදාස රංගල්ල පෙන්වා දුන්නේ.

නිවාඩු සඳහා විදේශගත වන්නන්ද බදු ගෙවිය යුතු අය ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඉකුත් දා කළ ප‍්‍රකාශයෙන් හැගී ගියා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන්ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ධර්මදාස රංගල්ලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ වසරකට විදේශ සංචාර හත අටක් සිදු කරන සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙනව පිරිස් බවයි සඳහන් කෙරුණේ. ඔවුන්ගේ ජීවන රටාව අනුව ආදායම හඳුනාගත හැකි බවද සඳහන් කෙරුණා. 

වාර්ෂිකව රුපියල් ලක්ෂ 05 යනු රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකින් නොවන ක‍්‍රමයකින් ආදායම් උපයන්නන් සඳහා වන බදු ගෙවීමේ අවම ආදායම් සීමාවයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක යෙදෙන්නන් සඳහා බදු ගෙවීමේ අවම ආදායම් සීමාව රුපියල් ලක්ෂ 12ක් වනවා.