Saturday, May 4, 2024

General line - 0115112241

ඉදිරි පැය 24 තුළ සැළකිල්ලෙන් සිටින්න - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්




දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty Winds) තත්ත්වයක් ඉදිරි පැය 24තුළ බලාපොරොත්තු විය හැකි බවයි අද (10) පෙරවරු 10ට නිකුත් කළ කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.