Friday, May 3, 2024

General line - 0115112241

"තුට්ටු දෙකේ වැඩ කර කර පාතාලය මර්ධනය කරන්න බෑ" - ෆොන්සේකා පොලිසියේ පලු අරියි

අශෝක එරමිණිගම්මන




"පාතාල මර්ධනය හරියට කරණවා නම් අමාරු වැඩක් නොවේ.. නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා පාතාලය මර්ධනය කරන්න බෑ." යනුවෙන් වනජීවි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

පොලිසිය සද්භාවයෙන් කටයුතු කළ යුතු බවත්, අහිංසකයින්ව මත්කුඩු පැකට් දමා කූඩු කර පාතාලය මර්ධනය කල නොහැකි බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ඊයේ (09)  දඹුල්ල හා බකමුණ  ප්‍රදේශයන්හි අලි මිනිස් ගැටුම පිළිබඳව ඇතිවී තිබෙන ගැටළු සොයා බැලීමට නිරතවී සිටි සංචාරයක් අතරතුරදීයි.

එහිදී වැඩි දුරටත් සඳහන් කළේ, "පතාල ප්‍රශ්ණය මට අදාළ නැහැ. එය අදාළ වෙනත් අමාත්‍යාංශ තියෙනවා. පොලිසිය හරියට ක්‍රියාත්මක විය යුතුයි. පොලිසියේ සමහරු අහිසක මිනිස්සු අරන් ගිහිල්ලා තඩිබානවා. බොරුවට කුඩු පැකට් දාලා ඉවරවෙලා නඩු දානවා. කප්පම් ගන්නවා.. එ්වා කර කර පොලිසියට බැහැ පාතාලය මර්ධනය කරන්න. ඊයෙත් මගේ ප්‍රදේශයේ ළමයෙක් අරන් ගිහිල්ලා.. ඇස්වලට මිරිස්කුඩු දාලා.. ඔළුවට පොලිතීන් දාලා..  අත්දෙකින් එල්ලලා ගහලා තියෙනවා.  ඒ වගේ තුට්ටු දේකේ වැඩ කර කර බැහැ පාතාලය මර්ධනය කරන්න. නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා බැහැ පාතාලය මර්ධනය කරන්න.  හරියට කරණවා නම් ඕක අමාරු වැඩක් නොවේ. හැබැයි නිතිය අතට ගන්නේ නැතිව හරියට හරි සද්භාවයෙන් මේ වැඩේ කරන්න ඕන." යනුවෙනි.