Friday, May 3, 2024

General line - 0115112241

නාමල්ට එරෙහි නඩුවක ප්‍රධාන සාක්ෂිකරු ඇවිත් නෑ

අධිකරණ වාර්තාකරු




අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විභාගය ජූලි මස 31 වැනි දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා. 

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරනයේ පෙනී නොසිටි බැවින් නඩු විභාගය කල් තැබීමට මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් තීරණය කළා.

අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යා සෙනානි යන අය මහාධිකරණයේ පෙනී සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරනණ මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩන්ගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.