වයස අවුරුදු තුනහමාරක් පමණ වයසැති පෙර පාසැල් දැරියක් අයුතු ලෙස ස්පර්ශ කිරීම ඇතුළු ලිංගික අපයෝජන චෝදනා වලට වරදකරු වූ පාසැල් වෑන් රථ රියදුරෙකුට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා.
සිර දඩුවමට අමතරව විත්තිකරුට රුපියල් 25,000 ක දඩ මුදලක් සහ වින්දිත පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළා.
මෙම අපරාධය පෙර පාසැල් දැරිය වෑන් රථයෙන් රැගෙන එන අතර තුර 2010 වර්ෂයේ සිදු කර ඇති බවට නීතිපතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි. විත්තිකරුට මේ වන විට වයස අවුරුදු 73 කි.