මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා සිදු කළ යුත්තේ එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කිරීම නොව බුද්ධි අංශ ඇතුලූ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය බලවත් කිරීම බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පක්ෂය කොළඹ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට තීරණය වීමෙන් අනතුරුවද මත්කුඩු ජාවාරම් සිදු කළ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන්, අදාළ තීරණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය නොවන බව පැහැදිළි වන්නේ යැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන මෙම මාධ්‍ය හමුවට පැමිණ තිබුණේ මාලූ පාන්, කිඹුළා බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනද රැුගෙනයි. ඒ, ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ දැමුණු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහායි.