රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තැනැත්තන්ට පිටතින් ආහාර ගෙන ඒම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.
එලෙස තහනමක් පැනවීමෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම යම්තාක් දුරට හෝ සීමා කිරීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අදහස වී ඇත්තේ.
බන්ධනාගාර නීතිය අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තැනැත්තෙකු බැලීම සඳහා දිනකට පුද්ගලයන් තිදෙනෙකුට පැමිණිය හැකියි. එලෙස පැමිණීමේදී ආහාර රැගෙන ඒමටද අවස්ථාව ලබා දී තිබෙනවා.
එලෙස පැමිණෙන පුද්ගලයන්ට සීනි සහ කිරි පිටි ගෙන ඒමට ලබා දී ඇති අවසරයද ඉවත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයින්ගේ සුවදුක් බැලීමට පැමිණෙන පුද්ගලයන් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල බත් පැකට් රැගෙන ඒමද දක්නට ලැබෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ පිසින ආහාර විශාල වශයෙන් අපතේ යන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.