ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉන් ඉවත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඊට සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සහ කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගි වීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.
ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි.
ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉකුත්දා ප්‍රකාශ කළා. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන ගාලූ කොටුව ආසන්නයේ පිහිටා ඇති මෙම කී‍්‍රඩාංගණය ඉදිකිරිමේදී කිසිදු වගකිවයුතු ආයතනයක අනුමැතියකින් තොරව ඉදිකර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
ගාලූ කොටුව ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම්ද ඉවත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ගාලූ කොටුව ආශි‍්‍රතව ඇති අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගාලූ නගරය ලෝක උරුම නගර ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක්ද මතුව ඇති බවයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.
ගාල්ල පින්නදූව ප්‍රදේශයේ නව ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දැනටමත් අක්කර 50ක භූමි භාගයක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
1998 වසරේ ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් ලද ගාල්ල කී‍්‍රඩාංගණයේ මේ දක්වා ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 6ක් පවත්වා තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේ පවත්වා ඇති ටෙස්ට් තරග 31න් ශී‍්‍ර ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 18ක්.