පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ එම සිසුන් සියයට අසූව පැමිණීමේ ප‍්‍රතිශතය සම්පූර්ණ කර නොමැති වීම හේතුවෙන් විභාග අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳ ගැටලූවක් පැන නැගී ඇති බවයි.
මේ හේතුවෙන් අද (17) පස්වරු 02.00 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දුන් බවයි උපකුලපතිවරයා සඳහන් කළේ.
මේ අතර සියයට අසූව පැමිණීමේ ප‍්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වීමට හේතුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය පැහැදිළි කළා.
එහිදී සඳහන් කෙරුණේ අනධ්‍යන සේවකයින් සිය වෘත්තීය අයිතීන් ඉල්ලමින් සිදු කළ සටන නිසා මාස දෙකක් විශ්ව විද්‍යාලය වසා තැබුණු බවයි.