Friday, September 20, 2024

General line - 0115112241

රිය අනතුරකින් පොලිසියේ 5ක් රෝහලේ




බදුල්ල පිංඅරාව ප‍්‍රදේශයේදී අද (26) අලුයම සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් පරීක්ෂකවරයෙක් උප පොලිස් පරීක්ෂකවරුන් තුන්දෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

කිසියම් කටයුත්තක් සඳහා පුද්ගලික මෝටර් රථයකින් වැල්ලවාය ප‍්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මේ වන විට ඔවුන් ප‍්‍රතිකාර ලබන්නේ බදුල්ල මහරෝහලේයි.