Sunday, January 26, 2025

General line - 0115112241

අහසේ මීටර් 35ක් ඇවිද ගිය තරුණියක් ප‍්‍රංශය කළඹයි

තරංග රුක්ෂාන් ජයසේකර




ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය කාන්තාවක් පිළිබඳ අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඇය මෙම දස්කම දැක්වූයේ කිසිඳු ජීවිතාරක්ෂිත බඳ පටියක් හෝ ආරක්ෂිත කේබලයක් නොමැතිව වීම විශේෂත්වයක්.

ඇය අතැතිව තිබුණේ සමබරතාවය රැකගැනිමට භාවිත කරන ආධාරකය පමණයි. මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා පැරිස් අගනුවරට ප‍්‍රංශ වැසියන් රැසක් එක්ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.