Saturday, May 4, 2024

General line - 0115112241

පාකිස්තාන මහ මැතිවරණයේ ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව පෙරමුණ ගැනීමට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී. ටී. අයි. පක්ෂය සමත්ව සිටිනවා.

මේ දක්වා නිකුත් කෙරුණු නිල ප‍්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන්ගේ පී. ටී. අයි. පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 118ක්. හිටපු පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ සොහොයුරු ශෙබාස් ශරීෆ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන මුස්ලිම් ලීගය ආසන 60ක් හිමිකර ගෙන සිටිනවා.

පාකිස්තාන මහ මැතිවරණයෙන් ජය ගැනීම සඳහා කිසියම් පක්ෂයක් ලබාගත යුතු ආසන සංඛ්‍යාව 137ක්.