Saturday, December 28, 2024

General line - 0115112241

හෙරොයින් ග්‍රෑම් 20ට මරණ දඬුවම

අධිකරණ වාර්තාකරු




2013 වර්ෂයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20.28 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දණ්ඩණය නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියොග කළා.

2013 වර්ෂයේ ජනවාරි මස මාලිගාවත්ත ප්‍රදේශයේදී මෙම වරද කර ඇති බවට නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

වේවැලගේ ප්‍රසන්න සහ අමිත් ප්‍රසන්න යන අයට එරෙහිව ඇති චෝදනා සාධාරන සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත් වී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මරණ දණ්ඩණය නියම කරමින් පැවසීය.