හිටපු පාලකයින් යළි බලය අත්පත් කරගත හොත් දුෂණ, වංචාවලට එරෙහි නීතිය කි‍්‍රයාත්මක වීම නතර වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක සහ ජනසන්නිවේදන ලේකම් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මේ බව කියා සිටියා.
ජාතික මැතිවරණයක් එළඹෙන විට විපක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
.........................................................................................................................................................................
පොහොට්ටුවේ ඔලු තුනේ මකරා ගැන ඇමති හරින් කියූ කතාව
(30-07-2018 16:46)
ඇතැම් වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කරන වෘත්තීය කි‍්‍රයාමාර්ග දේශපාලන අරමුණකින් කි‍්‍රයාත්මක වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
වත්මන් ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ගම්පෙරළිය වැඩසටහනට හිටපු පාලකයන් බිය වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු මෙහිදී අදහස් පළ කළා.
"පොහොට්ටුවේ අයට රාජපක්ෂවරුන්ගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ. ඒකත් හරියට ඔලු තුනේ මකරාගේ කතාව වගේ. 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට බැසිල්, චමල්, ගෝඨාභය කියන තුන්දෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් වනවා කියලා කියනවා. නමුත් අවසානයේදී තවත් අවුරුදු 05 කින් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන්නේ නාමල් රාජපක්ෂ. එතකොට ඒ තවත් රාජපක්ෂ කෙනෙක් යැයි මෙහිදී ඇමතිවරයා කියා සිටියා".