මෙරට නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මුදල් ආයෝජනය කරන පාර්ශව සිටින බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙවර ප්‍රතිපල අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා සිටින සිසුන් දැනටමත් කඩාකප්පල්කාරි පාර්ශවවල ඉලක්ක බවට පත්ව ඇතැයිද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ගස් කපා ඉවත් කිරීමක් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ උපකුලපතිවරයා එහිදී කරුණු දැක්වූයේ මෙලෙසයි.