මුදල් අමාත්‍ය මංගලර සමරවීර ඇතුළු පිිරිසකට එරෙහිව පාර්මේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (30) මූළික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
ඒ, පසුගිය රජය සහ වර්තමාන රජය සමයේ ඉන්ධන මිල ගණන් සන්සන්දනය කරමින් අසත්‍ය තොරතුරු ඇතුළත් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
අදාළ දැන්විම පසුගිය මැයි 20 වනදා සිංහල දෙමළ හා ඉංගී‍්‍රසි පුවත්පත්වල පළ කර තිබූ බවත් අසත්‍ය තොරතුරු පළ කිරිමෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.