ගම්පෙරළිය වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට පෙර ආණ්ඩුව පෙරළා දමන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂය අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
2019 සහ 2020 දී යෝධ ගම්පෙරලියක් කරනවා කියලා අගමැතිවරයා කිව්වා. අගමැතිවරයාට අමතක වෙලා තියෙනවා 2020 දී ජනාධිපතිවරණයක් එනවා කියලා. 2018 වසරේ තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 5ක් විතරයි. 2019 අවුරුද්දේ මාස 05 ක් ගියාම ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න ඕන. එතකොට අගමැතිවරයා කියන 2019-2020 අවුරුදු දෙකේ ගම්පෙරලියක් කරන්න ඉඩක් නැහැ. ඒ කොහොම උනත් අපි ආණ්ඩුව පෙරලනවා යැයි මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසා සිටියා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ පළාත් සභා මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි.