Saturday, December 28, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය ගැන ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

සමන්ත කුමාර




පුද්ගලයෙකු පදනම් කර ගනිමින් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්නේ නම් අදාළ පුද්ගලයාට ආණ්ඩුව කෙතරම් බියවී ඇත්දැයි පෙනී යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ගාල්ල ප‍්‍රදේශයේ පැවිති පුණේ‍යා්ත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණයට තරග කළ හැකි අපේක්ෂකයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනා වි ඇති කරුණු සම්බන්ධව එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීමක් කළා.



ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මෙහිදී ප‍්‍රශ්ණ කළා.