Saturday, December 28, 2024

General line - 0115112241

ක්‍රිකට් ගැටලුව කතා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කරයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එහි නිසිබලධාරියා ලෙස කටයුතු කරන කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ එ් පිළිබඳ දන්වා මෙම සතියේ දිස්ති‍්‍රක් කී‍්‍රඩා සංගම් වෙත ලිපි යොමු කරන බවයි. 

මෙම මහා සභා රැස්වීමේදී කි‍්‍රකට් නිලවරණ කටයුතු සිදු කිරීම සඳහා නව කමිටුවක් පත් කෙරෙනු ඇති. අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය, කි‍්‍රකට් ආයතනයේ නිසි බලධාරියා වෙත දන්වා ඇත්තේ මාස හයක් ඇතුළත නිලවරණය පවත්වන ලෙසයි.

එසේ නොපැවැත්වුවහොත් ශී‍්‍ර ලංකා සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය දැනුම් දී ඇත්තේ. 

ඉකුත් ජූනි මස 01 වැනිදා සිට කි‍්‍රකට් ආයතනයේ කටයුතු නිසි බලධාරියෙකු යටතට පත්කෙරුණා. මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත වූ කි‍්‍රකට් නිලවරණය අභියාචනාධිකරණයේ නියෝගයක් මත අත්හිටු වූ අතර පසුව වාරණ නියෝගය ඉවත් කෙරුණා.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය නිමා වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.