Saturday, May 4, 2024

General line - 0115112241

බස් අනතුරෙන් 27ක් රෝහලේ (PHOTOS)

ඉන්දික අරුණ කුමාර




මහනුවර - යාපනය A9 මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප‍්‍රදේශයේ දී අද (31) උදෑසන සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයෝ 27 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තලවාකැළේ සිට දඹුල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

වංගු සහිත ප‍්‍රදේශයක් වන දිඹුල්ගමුව ප‍්‍රදේශයේ දී මාතලේ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථය නවතා තිබු ලංගම බස් රථය ගමන් ආරම්භ කිරීමට සැරසෙද්දි විශාල හඬක් නගමින් ගැටුණ බවයි සිද්දිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ.

නාඋල සිට මාතලේ දක්වා ගමන්ගත් ලංගම බස් රථයේ වැඩි පිරිසක් සිට ඇත්තේ පාසල් දරුවන්.

රෝහල් ගත කළ පිරිස අතර බරපතල තුවාලකරුවන් සිවි දෙනෙකු සිට ඇති අතර ඔවුන්  මාතලේ මුලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

තුවාලකරුවන් අතර පාසල් සිසුන් සිවි දෙනෙක් හා එක් සිසුවියක් සිටින බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.