Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ තවත් සාකච්ඡාවක්




ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ පවත්වා තිබෙනවා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංගගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ‘ජන සටන’ පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ඒ සම්බන්දයෙන් මෙලෙස අදහස් දැක්වූවා

“මේ වෙනකොට නොයෙක් ප්‍රචාර යනවා ජන සටන’ පාද යාත‍්‍රාවට උසාවි නියෝග ගන්නවා , මේක ආණ්ඩුවෙන් කරන්න දෙන්නේ නැහැයි කියන නොයෙකුත් මතවාද යොමුවෙන නිසා ඒ සම්බන්ධව සාකච්ඡා කළා. එහිදී ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළා මොනම අභියෝග ආවත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා. ඒ සඳහා මේ වෙනකොටත් ජනතාව සූදානමින් ඉන්නවා”.

‘ජන සටන’ පාද යාත‍්‍රාව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ද බාධාවක් නොමැති බවයි ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

‘ජන සටන’ පාද යාත‍්‍රාව ලබන 28 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.