Friday, September 20, 2024

General line - 0115112241

‘ජන සටනට’ ජවිපෙත් විරෝධය




ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන සටන’ පාද යාත‍්‍රාව සංවිධාන කෙරෙන්නේ ජනතාවට සෙත සැලසීමේ අරමුණකින් නොවන බව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් වන ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

“ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය පහුගිය අවුරුදු 09ක් මේ රට පාලනය කරලා ‍, විශාල විනාශයක් මේ රටට කරා. දැන් ඒගොල්ලන්ට බලය නැතුව ඉන්න බැරි කමක් තියෙන නිසා බලය ගැනීම සඳහා ආපහු ජනතාව රවට්ටන්න විවිධ දේවල් කරමින් ඉන්නවා.

මේ පාද යාත්‍රාවේ අරමුණත් මේ ජනතාවට සහන ලබාදීම , රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට මතයක් ඉදිරිපත් කිරීම නෙමෙයි නැවත මේ මහින්ද බලයට ගෙන ඒම තමයි අරමුණ”.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ද ‘ජන සටන’ පාද යාත‍්‍රාවෙන් නිරූපණය වන බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

‘ජන සටන’ පාද යාත‍්‍රාවට ජනතා විමුක්ති පෙරමුණ කිසි ලෙසක හෝ සහාය නොදක්වන බවද ටිල්වින් සිල්වා කියා සිටියා.