Friday, September 20, 2024

General line - 0115112241

දුමින්ද සිල්වාගේ නඩු 3ක් කල් දැමේ




අඛණ්ඩව වසර 3ක් වත්කම් හා බැරකම් ප‍්‍රකාශ භාර නොදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට පවරා ඇති නඩු 3ක් ලබන නොවැම්බර් මස පළමුවෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (26) දින නියම කළා.

මෙම නඩු තුන පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. ඒවා සලකා බැලීමට නියමිත අධිකරණයේ විනිසුරුවරිය වන අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද රාජකාරී නිවාඩුවක් ලබාගෙන තිබෙනවා.

අදාළ නඩු තුන නොවැම්බර් මස පළමු වෙනිදා විභාගයට ගැනීමට දින නියම කෙරුණේ ඒ අනුවයි.