Friday, September 20, 2024

General line - 0115112241

FCID ස්ථානාධිපතිවරයාට අධිකරණ නියෝගයක්




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රතිශෝධන ඇප අයදුමට අදාළව ලබන මස පළමුවෙනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද (26) නොතීසි නිකුත් කෙරුණා. ඒ, එම පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවන ලද අවස්ථාවේයි.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා චෝදනා ලබා සිටිනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 18 වෙනිදායි.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන මස පළමුවෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.