Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොචි ගුවන් තොටුපලේ සියලූ ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නවතයි




අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ කොචි ගුවන් තොටුපලේ සියලූ ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.

අද පස්වරු 02.00 දක්වා එම ගුවන් තොටුපලේ සියලූ ගුවන් මෙහෙයුම් කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

උතුරු දිග ඉන්දියාවට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ රැසක් ගංවතුරෙන් යටවීම සහ නායයාම්වලට ලක්වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 13,000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.