Friday, May 10, 2024

General line - 0115112241

ලිංගික අල්ලස් ගන්න ගිය සරසවි ආචාර්යවරයාට වැඩ වරදියි

හේමන්ත කහවලගේ




අග්නිදිග විශ්ව විද්‍යාලයේ එස්. එම්. ආලිෆ් ආචාර්යවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ සිද්ධිය පදනම් කර ගනිමින්. 

මෙම ආචාර්යවරයා ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂම පාර්ලිමේන්තුවේදී ඉකුත් ජූනි මාසයේ අනාවරණයක් සිදු කළා.

(එම හඬ පටය පහතින් දැක්වෙයි)

ආචාර්යවරයා සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලය විසින් විශේෂ පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා. සැකකාර ආචාර්යවරයා ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට එහිදී තහවුරු වී ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.