Friday, September 20, 2024

General line - 0115112241

නාලක ගොඩහේවාගේ නඩුව ඔක්තෝම්බරයට




ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ රුපියල් මිලියන 50ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවාට පවරා ඇති නඩුව ලබන ඔක්තෝම්බර් මස 19 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.

මෙම නඩුව අද (26) කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරයෙකු පැමිණ නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

නඩුව සඳහා වෙනත් දිනයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කෙරුණේ ද ඒ අනුවයි.